Home Hit හිටපු ආරක්ෂක ලේකම් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ධුරයට

හිටපු ආරක්ෂක ලේකම් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ධුරයට

1509
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ධුරයට පත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර කටයුතු කර ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් පත්කර ඇතැයි ද වාර්තා වනවා.

2018 වසරේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය භාරගැනීම නිසා 2015 වසරේ සිට ඔහු දරමින් සිටි මහජන බැංකුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට හේමසිරි ප්‍රනාන්දු හිටපු ලේකම්වරයාට සිදුව තිබෙනවා.

පීපල්ස් ලීසිං සමාගමේ සභාපතිවරයා වශයෙන් ඔහුට රුපියල් ලක්ෂ 07ක පමණ මාසික වේතනයක් ද හිමිවන බව අනාවරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here