Home Hit ”අගමැති සහ මා අතර ඔය කියන විදියේ ගැටුමක් නෑ” – ජනපති –...

”අගමැති සහ මා අතර ඔය කියන විදියේ ගැටුමක් නෑ” – ජනපති – VIDEO

609
0

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ප්‍රහාරය එල්ල කිරීම පිණිස ශ්‍රී ලංකාවම තෝරා ගත්තේ මන්දැයි යන්න තවමත් වටහාගත නොහැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

BBC සේවය සමඟ කරන ලද සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටින්නේ.

“බලවතුන් සමග ඔවුන්ට හැප්පෙන්න බැරි නිසා ලෝකේ බලවතුන්ට දැනෙන්න අපි වගේ අවිහිංසාවාදී රාජ්‍යයක් තොරගත්ත ද කියන එක ප්‍රශ්නයක්” බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටින්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන රාජ්‍ය ඔත්තු සේවා දිගින් දිගටම අනතුරු ඇඟවීම් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම බරපතල පැහැර හැරීමක් නොවේදැයි BBC මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, “ආරක්ෂක ප්‍රධානීන් මේ පිළිබඳව කටයුතු නොකිරීමට” එරෙහිව දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

“අවම වශයෙන් ඔවුන් මාව දැනුවත් කළේ වත් නෑ, මෙවැනි තොරතුරක් ලැබිල තියෙන බව,” යනුවෙන් ජනාධිපතිවරයා පවසනවා.

රහස් ඔත්තු සේවා ප්‍රමාණවත් ලෙස තොරතුරු බෙදාගැනීමට අපොහොසත් වූයේ විශේෂයෙන් මෑතදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර හටගත් ප්‍රබල විරසකය නිසා දැයි කළ විමසීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ දෙදෙනා අතර “ඔය කියන විදියේ ගැටුමක් නැති,” බවයි.

“පැහැදිලිවම ජාතික ආරක්ෂාව පිළිබඳව රටේ කෙරෙන කටයුතුවලදි කොහෙත්ම පවතින දේශපාලන ගැටළු සහ දේශපාලන ප්‍රශ්න ජාතික ආරක්ෂාවට බලපාන විදියට සිදුවෙලා නැහැ. සියලු දෙනාම එකට ඒ වගකීම ඉෂ්ඨ කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here