Home Local තවුහිද් ජමාත් ප්‍රබලයින් දෙදෙනෙකු දෙහිවලින් සහ ගල්කිස්සෙන් අත්අඩංගුවට

තවුහිද් ජමාත් ප්‍රබලයින් දෙදෙනෙකු දෙහිවලින් සහ ගල්කිස්සෙන් අත්අඩංගුවට

786
0

මුස්ලිම් අන්තවාදී තවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබලයන් 35 දෙනාගේ ලැයිස්තුවේ ප‍්‍රබල සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත් තිබෙනවා.

සැකකරුවන් දෙහිවල, කඩවත පාරේදී හා ගල්කිස්ස, මහින්දාරාම පාරේදීයි හසුකර ගෙන ඇත්තේ.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ලැප්ටොප් පරිගණක 04ක් හා ජංගම දුරකථන 05ක් එම ඒකකය භාරයට ගෙන තිබෙනවා.

අවුරුදු 26 හා 27 යන වයස්වල පසුවන මෙම මුස්ලිම් ජාතිකයන් දෙදෙනා ජාතික තවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීපව කටයුතු කර ඇතැයි හෙළි වූ බවයි එම ඒකකය පවසන්නේ.

මෙම එක් සැකකරුවකු මීට පෙර මැදපෙරදිගහි දී ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සිද්දිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත පෙරේරාගේ උපදෙස් මත උ.පො.ප. කුමාර නලවංශ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here