Home Hit කඩු සොයාගත් තංගල්ලේ වෙළඳසැළක අලවා තිබූ ඡායාරූප සොයා විශේෂ මෙහෙයුමක් – PHOTOS

කඩු සොයාගත් තංගල්ලේ වෙළඳසැළක අලවා තිබූ ඡායාරූප සොයා විශේෂ මෙහෙයුමක් – PHOTOS

1718
0

තංගල්ල නගරයේදී අද (10) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙළෙදසැල් 02ක තිබූ කඩු, විවිධ වර්ගයේ පිහි, සීඩී තැටි, ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සමඟ සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීහු සහ යුධ හමුදා නිලධාරීහු සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

තංගල්ල මුහුදු මාවතෙහි පිහිටි ධීවර උපකරණ අලෙවිසැලක් පරීක්ෂා කිරිමේදී එහි තිබී කඩු 09ක්, තියුණු පිහි 32ක්, මන්නා පිහි 36ක්, දුරේක්ෂයක්, කෙටේරි 02ක්, ඊයම් බරු අච්චු 03ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු ජංගම දුරකතන 03ක්, සීඩී තැටි 35ක් සහ ඊයම් කැබැලි කිලෝග්‍රෑම් 11ක් නාවික හමුදා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම වෙළෙදසැල සීල් තබා එහි අයිතිකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නිව්ස්හබ් අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

තංගල්ල – තිස්ස ප්‍රධාන මාර්ගයේ තංගල්ල පාලම අසල වෙළෙදසැලක තිබී කඩු 05ක්, ගෝන අං තට්ටුවක්, සීඩී තැටි 04ක්, සැකකටයුතු දර්ශන අඩංගු ජංගම දුරකතන 03ක් ද යුධ හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අලෙවිසැලේ හිමිකරු ද යුධ හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වෙළෙදසැලේ බිත්තිවල අලවා තිබූ පුද්ගලයින් කිහිප දෙනකුගේ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් යුධ හමුදා නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තංගල්ල නගරයේදී අද (10) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වෙළෙදසැල් 02ක තිබූ කඩු, විවිධ වර්ගයේ පිහි, සීඩී තැටි, ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සමඟ සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීහු සහ යුධ හමුදා නිලධාරීහු සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

තංගල්ල නගරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගනු ලැබුවා.

තංගල්ල මුහුදු මාවතෙහි පිහිටි ධීවර උපකරණ අලෙවිසැලක් පරීක්ෂා කිරිමේදී එහි තිබී කඩු 09ක්, තියුණු පිහි 32ක්, මන්නා පිහි 36ක්, දුරේක්ෂයක්, කෙටේරි 02ක්, ඊයම් බරු අච්චු 03ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇතුළු ජංගම දුරකතන 03ක්, සීඩී තැටි 35ක් සහ ඊයම් කැබැලි කිලෝග්‍රෑම් 11ක් නාවික හමුදා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම වෙළෙදසැල සීල් තබා එහි අයිතිකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නිව්ස්හබ් අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

තංගල්ල – තිස්ස ප්‍රධාන මාර්ගයේ තංගල්ල පාලම අසල වෙළෙදසැලක තිබී කඩු 05ක්, ගෝන අං තට්ටුවක්, සීඩී තැටි 04ක්, සැකකටයුතු දර්ශන අඩංගු ජංගම දුරකතන 03ක් ද යුධ හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අලෙවිසැලේ හිමිකරුද යුධ හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වෙළෙදසැලේ බිත්තිවල අලවා තිබූ පුද්ගලයින් කිහිප දෙනකුගේ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් යුධ හමුදා නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පුපුරන ද්‍රව්‍ය පිළිබද නිල සුනඛ “බෙලා” යොදවා පුපුරන ද්‍රව්‍ය පිළිබදවද පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

නාවික හමුදාවේ තංගල්ල කඳවුරේ නිලධාරීන්, යුධ හමුදාවේ තංගල්ල, විතාරන්දෙණිය කඳවුරේ නිලධාරීන් සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියා.
ඡායාරූප :

මුදා නිලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පුපුරන ද්‍රව්‍ය පිළිබද නිල සුනඛ “බෙලා” යොදවා පුපුරන ද්‍රව්‍ය පිළිබදවද පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

නාවික හමුදාවේ තංගල්ල කඳවුරේ නිලධාරීන්, යුධ හමුදාවේ තංගල්ල, විතාරන්දෙණිය කඳවුරේ නිලධාරීන් සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියා.


අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here