Home Local නාවලපිටියේ සෝදිසි මෙහෙයුමකින් නාවික දුර දක්නයක් ඇතුළු උපකරණ රැසක් සොයාගනියි – PHOTOS

නාවලපිටියේ සෝදිසි මෙහෙයුමකින් නාවික දුර දක්නයක් ඇතුළු උපකරණ රැසක් සොයාගනියි – PHOTOS

504
0

නාවලපිටිය පොලිසිය යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව නාවලපිටිය, හපුගස්තලාව කලුදැමඩ ප්‍රදේශයේ අද (09) සිදුකල මෙහෙයමුකදි උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නාවලපිටිය පොලිසිය පවසනවා.

අද අලුයම සිට එම ප්‍රදේශයේ සිදුකල සොදිසි මෙහෙයුමකදි මෙතෙක් ආරක්ෂක අංශවලට හමු නොවු විදේශ රටක නිෂ්පාදනය කරන ලද නාවික දුර දක්නයක්, පිහි කිහිපයක් කඩු 02ක් සහ මුස්ලිම් සංවිධානයක් විසින් පල කරන ලද බැනරයක්ද හමු වි තිබෙනවා.

එම මෙහෙයුමේදි 2019 වසරට බලපත්‍ර නොමැතිව ලග තබාගෙන සිටි පතුරම් තුවක්කුවක්ද සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත් වුණා.

පතුරම් තුවක්කුව තිබු නිවසේ කාන්තාව ද සැකපිට අත්අඩංගුවට ගත් බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ මෙහෙයුමේදි සොයාගත් උපකරණ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසුවේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here