Home Hit පිරවුම්හල් තෙල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා රට පුරා ව්‍යාපාර රැසක් අර්බුදයට ලක්වේ.

පිරවුම්හල් තෙල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා රට පුරා ව්‍යාපාර රැසක් අර්බුදයට ලක්වේ.

1558
0

පසුගියදා සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් සදහා නව නීති පැනවීමට රජය ක්‍රියාකර තිබේ. ඒ අනුව වාහන සදහා පමණක් ඉන්ධන ලබාදෙන අතර කිසිදු පුද්ගලයෙකුට වෙනත් කිසිදු අයුරකින් ඉන්ධන නිකුත් නොකරන ලෙස දිවයිනේ සියලූම පිරවුම්හල් වෙත පොලිසිය විසින් දැනුම්දී ඇත.

ආගමික සහ වාර්ගික නොසන්සුන්තාවයන්හිදී දේපළ ඉලක්ක කරගනිමින් සිදුකරන ප්‍රහාරයන් සදහා පෙට්‍රල්, ඩීසල් වැනි ඉන්ධන භාවිතා කරන බවට වන නිගමනය මත මෙම තහනම සිදුකර ඇති බවයි ජනතාවගේ මතය වී ඇත්තේ

මෙම තහනම නිසා කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යාපාර රැසක් බරපතළ අර්බුදයකට ලක්ව ඇත.

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වීම් සිදුවන නිසා විදුලි ජනන යන්ත්‍ර (ජෙනරේටර්) මගින් විදුලිය සපයාගැනීමට ව්‍යාපාර ආයතන යොමුවී තිබේ. නමුත් එම විදුලි ජනන යන්ත්‍ර සදහා අවශ්‍ය ඉන්ධන නිකුත් නොකිරීම නිසා විදුලිය විසන්ධි වූ විට ඊට පිළියමක් ලෙස විදුලි ජනන යන්ත්‍ර භාවිතා කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති අතර මෙම නිසා රටට සිදුවෙමින් පවතින ආර්ථික හානිය ඉතා විශාලය.

දෛනික කුලී ආදායම මත තණකොළ කැපීම වැනි සේවයක් සිදුකරමින් ජීවත්වන දුප්පත් ජනතාව මෙම හේතුවෙන් සිය දෛනික ජීවනෝපාය සපුරා ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

රටේ ජාතික ආරක්ෂාව සහ සාමය ඉතා වැදගත් වන්නා සේම මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ගයන් ආරක්ෂා කිරීමද වැදගත්ය.

බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමුකොට පොලිසියේ අවසරය මත හෝ අවශ්‍ය ප්‍රමාණයකට ඉන්ධන නිකුත් කිරීමට කඩිනමින් පියවරගත යුතු බව පොදු මහජනතාවගේ මතයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here