Home Hit සංචාරකයින් නැති නිසා බස් රථ 550ක් ගාල්කරයි – 1500කට වැඩි පිරිසකට රැකියා...

සංචාරකයින් නැති නිසා බස් රථ 550ක් ගාල්කරයි – 1500කට වැඩි පිරිසකට රැකියා අහිමිවෙයි

615
0

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරක ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වුණා.

විශේෂයෙන්ම එම ප්‍රහාරයෙන් විදෙස් ජාතිකයින් 44 දෙනෙකු මියගිය අතර ඒ හේතුවෙන් සංචාරකයින් මෙරටට පැමිණීම ද අවම වී තිබෙනවා.

ලංකා සංචාරක බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති නීල් ජයතිස්ස මහතා සඳහන් කළේ සංචාරකයින් මෙරටට නොපැමිණීම හේතුවෙන් සංචාරක බස් රථ 550 කට වැඩි ප්‍රමාණයක් ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් 1500 කට වැඩි පිරිසකගේ රැකියා ද අහිමිවී ඇති බව ඔහු කියා සිටියා.

ප්‍රහාරයෙන් පසු මෙරට තොග වෙළඳාමට ද බලපෑම් එල්ල වී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් කියා සිටියේ තොග වෙළඳාම සියයට 70 කින් පමණ පහළ බැස ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here