Home Hit මුස්ලිම් විවාහ නීතිය: ගැහැණුන් පුරවැසියන් ලෙස ප්‍රතික්ශේප වීම හා ආගම් අදහන්නන් පිරිසක්...

මුස්ලිම් විවාහ නීතිය: ගැහැණුන් පුරවැසියන් ලෙස ප්‍රතික්ශේප වීම හා ආගම් අදහන්නන් පිරිසක් ලෙස සැලකීමේ ප්‍රතිවිපාක

888
0

වයස අවුරුදු 18 ට පෙර විවාහය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. දිළිඳුකම, විවාහය, ආරක්ෂාව, පවුලේ ගෞරවය, සමාජීය සම්මතයන්, චාරිත්‍ර වාරිත්‍ර හෝ ආගමික නීති අනුමත කරන සමාජයක විවාහක අවදානමට ලක්වන ගැහැනු ළමයෙකු බවට පත්වීමට බොහෝ සාධක ඇත. ළමා විවාහ බොහෝ විට ගැබ්ගැනීම් සහ සමාජ හුදෙකලා වීම නිසා බාලවයස්කාර දරුවෙකුගේ සංවර්ධනය අඩාල වීමෙන්, පාසල් අද්‍යාපනයට බාධා කිරීම, වෘත්තිය දියුණුව හා රැකියා අවස්ථා සීමා කිරීම සහ ගෘහස්ථ හිංසනය වැඩි වීමේ අවදානමක් ඇති කරවීම දැකිය හැකි ය.

වර්ෂ 1951 දී මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) යටතේ වයස අවුරුදු 12 ට අඩු ගැහැනු ළමුනට විවාහ වීමට ඉඩ සලසයි. වයස අවුරුදු 12 ඉක්මවා නොමැති වුවද ඇය වැඩිවියට පත් වූ ගැහැණු දරුවෙක් නම් ඇයව විවාහ කර දීමට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ ක්වාසි අදිකරණයට බලය ඇත. රටක මූලික මිනිස් අයිතිවාසිකම් හා මූලික නීතිය යටතේ විවාහ වීමේ අවම වයස් සීමාවක් පනවා ඇති අතර එයට එරහිව යන්නේ නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වීමක් මෙන් ම නීතිය උල්ලංඝනය වීම ක් ද වේ. අනික් අතට එය ළමා අපයෝජනයක් මෙන් ම ළමා අයිතිවාසිකම් කඩ වීම ක් ලෙස ද ගත හැකිය. මේ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ  විශේෂයෙන් ම කාන්තාවන් තුල මේ පිළිබදව ඇති දැනුවත් වීම හා ඔවුන් මෙයට එරහි වීමේ ප්‍රවණතාව කෙබදු ද?

වැඩිවියට පත් ඕනෑම ගැහැණු දරුවෙකු විවාහ කර ගැනීමට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය යටතේ ඉඩ ලැබීම යනු ස්ත්‍රී දූෂණය සම්බන්දව මෙරට තුල පවතින නීති අභියෝගයකට ලක් වීමයි. එනම්, වැඩි වියට පත් වූ ගැහැණු දරුවෙකු ගේ කැමත්ත අකමැත්ත නොවිමසා දෙමව්පියන්ට ඔවුන් කැමති පුර්ශයෙකුට තම දරුවා විවාහ කර දීමට හැකිය. ඒ අනුව කුඩා දරුවෙකුගේ කැමත්ත මත පුරුෂයෙකු තෝරා ගන්නවා යනු ප්‍රායෝගිකව විහිළුවකි. කුඩා කලම විවාහ කර දුන් බොහෝ ගැහැණු දරුවන් ගේ ඉරණම ඉතා දුක්ඛ්ත එකකි. ඔවුන් බොහොමයක් නැවත දික්කසාද වන්නට හේතු ලෙස දක්වන්නේ පිරිමියාගේ  ලිංගික ආශාවන් සන්තර්පණය කිරීමට නොහැකි වීම හා ගෙදර දොර කටයුතු කිරීමට නොහැකි වීමයි. ඉතා කුඩා අවදියේ විවාහ වූ දරුවන් ගේ පසුකාලින කතාව ඉතා දුක්බර එකකි.  ඔවූහු කුඩා කලම වඩිමහල් පිරිමියෙකු අතින් දිනපතා දූශණයට ලක් වේ. අවුරුදු 12 ගැහැණු දරුවෙකුට ලිංගික වහලියකගේ තත්ත්වය්ට පත් වීමට සිදු වුව හොත් එය ඇයට ශාරීරිකව හා මානසිකව කෙතරම් කෙතරම් බලපෑම් කරන්නේද යන්න පිළිබදව සිතාගත වත් හැකිද?

 අනෙක් අතට මුස්ලිම් ගැහැණු දරුවන් කුඩා කළම විවාහ කර දීමේන් ඔවුන්ගේ අද්‍යාපන අවස්තා මග හැරී යාම ඉතා ම අවදානම් දෙයකි. කුඩා කළ විවාහ වූ  ගැහැණු දරුවන් හා පසු කාලිනව විවාහ වූ දරුවන් අතර අද්‍යාපනය සම්බන්දව සැලකිය යුතු වෙනසක් දැකිය හැකිය.  මේ සියවසේ දී ත් නිසි අද්‍යාපනයක් නොමැති ව පිරිමියාගේ ලිංගික තෘප්තිය උදෙසා මූලික මිනිස් අයිතිවාසිකම් පවා අභියෝගයට ලක් කරන මෙවැනි ආගමික නීති කෙතරම් භයානක ද?  

මුස්ලිම් නීතිය යටතේ කිසියම් ගැහැණියක දූශණයකට ලක් වුව හොත් ඇයට ක්වාසි අදිකරණයේ පැමිණිලි කළ හැක්කේ ස්වාදීන පිරිමි සාක්ෂි 4 ක් තිබෙන්නේ නම් පමණි. එසේ නොවුන හොත් ඇයගේ පැමිණිල්ල භාර නොගන්නා අතර බොරු පැමිණිලි කිරීම යටතේ ඇයට දඩුවම් පැමිණවීම ද කරනු ලබයි. සැබෑ ලෙසම දූෂණයට ලක් වූ ස්වාදීන පිරිමි සාක්ෂි සොයා ගනීමට අපොහොසත් වූ ගැහැණියකට මුස්ලිම් ක්වාසි අදිකරණය යටතේ සිදුවන අසාදාරනය සුලු පටු නොවේ. මුස්ලිම් ප්‍රජාව තුළ ස්ත්‍රී දූෂන වාර්තා නොවනවා නොව ඔවුන් එසේ දූෂණය වූ ගැහැණුන් ව ආගමික නීතිය නැමති ලෝගුවෙන් වසා තබති. එලෙසම, මුස්ලිම් පිරිමින් විසින් සිය ලිංගික තෘප්තිය හා දරුවන් බිහිකිරීම වෙනුවෙන් ම පාවිච්චි  කරන ගැහණුන්  ඔවුන් ගේ පහරදීම් වලින් ලෝකයට හොරෙන් ඝාතනය වනවා ඇත් ?

නිසි ළමා කාලයක් නොදී නිසි අද්‍යාපනයක් නොදී කුඩා කලම ආගමික මතවාදයන් පමනක් උගන්වමින් වැඩිමහලු පිරිමින්ට විවාහ කර දෙනු ලබන ගැහැණු දරුවන් ගේ ජීවිත වෙනුවෙන් වෙනස් විය යුත්තේ මොනවාද?

මුස්ලිම් ආගමික නීතිය යටතේ විවාහ වීම් හා දිකසාද වීම් තහනම් කළ යුතු වකවානුවක් කරා අපි පැමිණ සිටින්නෙමු. රටක ආගමික නීතියක් එරට මූලික නීතියට උඩින් තිබීමේ බලපතල විපාක අපි අත්විදිමින් සිටින්නෙමු. එමෙන් ම ලෝකයක් එක් ව පිළිගන්නා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන් ම ළමා අයිතිවාසිකම් ද ප්‍රායෝගික මට්ටමේ බලාත්මක කිරීමේ වගකීම රජයක් වශයෙන් ගත යුතු ය.

විවාහ වීමේ අවම වයස් සීමාව සියලු ගැහැනුන් ට පොදු එකක් විය යුතුවා මෙන් ම සෑම දරුවෙකු ට ම පාසල් යාම අනිවාර්‍ය කළ යුතු ය. මුස්ලිම් ගැහණුන් දින පළදින විදිය, විවාහ වන වයස, පාසල් යැවීම නොයැවීම , ලිංගික කැමත්ත ආදිය පල්ලියක ආගමික නීතියකින් නොව මූලික නීතියකින් තීරණය කරනු ලබන තැනට කතිකාවතක් සමාජයේ නිර්මාණය විය යුතු ය.

එසේ නොවෙන වා නම් ආගමික නීතියකට යටවී මූලික මිනිස් අයිතිවාසිකම් , කාන්තා අයිතිවාසිකම්, ළමා අපයෝජනය යන සියල්ලන්ගේ ම අහිතකර ප්‍රතිපල සමාජයක් වශයෙන් එක් ව විදීමට සිදු වනු ඇත.

සටහන- sami romana banneheka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here