Home Hit නිකාබය හැඳ ආ ගුරුවරියන් 10ක් විදුහල්පති හරවා යවලා

නිකාබය හැඳ ආ ගුරුවරියන් 10ක් විදුහල්පති හරවා යවලා

1600
0

නිකාබය හැඳ සේවයට පැමිණි පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරිවරියන් 10 දෙනෙක් හරවා යැවීමට එම විද්‍යාලයේ විදුගල්පතිවරයා කටයුතු කර ඇත.

ඊයේ උදෑසන අදාල ගුරුවරියන් දස දෙනා පාසල වෙත පැමිණි අවස්ථාවේදී ඔවුනට පාසල වෙත පැමිණීමට නොහැකි වන අයුරින් ගේට්ටුව වසා දමා ඇත..

ඉන් අනතුරුව අදාල ගුරුවරියන් දසදෙනා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හමුවී තිබෙනවා.

ඉන්පසුව අසාද් සාලි ආන්ඩුකාරවරයා ව්සින් කලාප අධ්‍යක්ෂවරුන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අවසානයේදී එම ගුරුවරියන් දස දෙනා බස්නාහිර පළාතේ ගුරුවරියන් හිඟ වෙනත් පාසල් වෙත මාරු කිරීමට තීරණය කර තිබෙනවා.

ඉෂාර සිල්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here