Home Local හෙරොයින් ළඟ තබාගත් කතට වසර 06ක සිරදඬුවම්

හෙරොයින් ළඟ තබාගත් කතට වසර 06ක සිරදඬුවම්

322
0

හොරොයින් මිලි ග්‍රෑම් 669ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ අධි චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකාරියකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක විසින් බරපතල වැඩසහිත වසර 06ක සිරදඬුවම් සහ රුපියල් 30,000ක දඩ මුදලක් යේ (06) නියම කරනු ලැබුවා.

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිරදඬුවමක් ද විත්තිකාරියට නියම කරනු ලැබුවා.

මෙසේ දඬුවම් නියම වුයේ ගාල්ල, මහමෝදර පදිංචි 25 හැවිරිදි විත්තිකාර තිදරු මවකටයි.

ගාල්ල පොලිස් වසමේ මහමෝදර දී 2017. 10. 31 වනදා හෙරොයින් මිලිග්‍රෑම් 669ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුණා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here