Home Local ”ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘති ලොක්කෙක් ISIS ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට...

”ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘති ලොක්කෙක් ISIS ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට පොලීසියෙන් සීල් තබයි

777
0

IS මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ”ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා තිබෙනවා.

පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් IS ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා (04) දිනයි.

මොහු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ISIS මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් වෙත දන්වා එවා ඇති අතර මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂවරයා සමග ගන්දර පදිංචි ෂේෂාත් මොහොමඩ් නමැති අයකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහකාර අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ හත්වැනි මහලේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් කාර්යාලය තුළ නිලධාරීන් 10 දෙනෙකු පමණ සේවය කරන අතර, ඒම කාර්යාලයට ඊයේ (06) පොලීසිය පැමිණ සීල් තබා ඇතැයි සඳහන්.

මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂකවරයා තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේයි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here