Home Hit දෙවන ප්‍රහාරය ගැන රොයිටර් පුවත් සේවයෙන් අනතුරු ඇඟවීමක්

දෙවන ප්‍රහාරය ගැන රොයිටර් පුවත් සේවයෙන් අනතුරු ඇඟවීමක්

1393

පාස්කු ඉරිදා ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කළ පිරිස දෙවැනි ප‍්‍රහාරයට සූදානම් වන බවට ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ අනතුරු අගවා තිබෙනවා.

ඉතාම ඉක්මනින් සිදුවිය හැකි මෙම ප‍්‍රහාර සඳහා වෑන් රථයක් මෙන්ම වෙස්වළාගැනීම සඳහා ආරක්‍ෂක සේවාවන්ට අයත් ඇඳුම් භාවිතා කළ හැකි බවටද තොරතුරු ලැබී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ.

”තවත් ප‍්‍රහාර මාලාවක් ඇතිවෙන්න පුළුවන්”යයි ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂකවරයා විසින් අමාත්‍යවරුන්ට මෙන්ම අරක්‍ෂක අංශ වල සෙසු සාමාජිකයන්ට යවන ලද ලිපියක මේ බව සඳහන්.

එම ලිපිය රොයිටර් පුවත් සේවය සතුව ඇති අතර ”මීට අදාළ තොරතුරු වලින් දැනගන්නට ඇත්තේ මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විය හැකි අය හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිටිය හැකි අතරම වෑන් රථයක් ඒ සඳහා යොදාගත හැකි බවයි” යයිද ලිපියේ සටහන් වනවා.

රොයිටර් පුවත් සේවය විසින් කරන ලද විමසීමකදී ආරක්‍ෂක අංශ වෙතින් තමන්ට එවන් දැනුම් දීමක් කර ඇතැයි කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මෙන්ම විපක්‍ෂ මන්තී‍්‍රවරු දෙදෙනෙක්ද තහවුරු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ, ”ඇමති ආරක්‍ෂක අංශය විසින් අපට ඒ ගැන දන්වා තිබෙනවා”යනුවෙනුයි.

ඇමති ආරක්‍ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා විසින් යවන ලද ලිපියට අනුව ඉරිදා හෝ සඳුදා මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකියි.

ඒ සඳහා ස්ථාන 05ක් තෝරාගනු ලැබ ඇති අතර ඉන් එකක් මඩකලපුව බව කියැවෙන අතර අනෙක් ස්ථාන සම්බන්ධයෙන් සඳහනක් නැත.

කෙසේ වෙතත් ඉරිදා දිනය වූ ඊයේ (28) කිසිදු ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක නොවූ අතර ශී‍්‍ර ලංකාව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් සිටිනවා.

ආරක්‍ෂක අංශ වල සැකයට පාත‍්‍ර වී සිටින්නේ ජාතික තව්හීත් ජමාත් සංවිධානය හෝ ජමියතුල් මිල්ලතු ඊබ‍්‍රහිම් කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ හැකි බවයි.

කලින් පැවැති ප‍්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍යය (ISIS) විසින් බාරගන්නා ලද අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව දිගින් දිගටම රාති‍්‍රයේ පනවන ලද ඇඳිරි නීතිය ඊයේ (28) රාති‍්‍රයේ ඉවත් කරන ලදි.

එසේ වුවත් දිවයින පුරාම සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here