Home Local බෞද්ධාගමික ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් ගැන තොරතුරු හෙළිවෙයි

බෞද්ධාගමික ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් ගැන තොරතුරු හෙළිවෙයි

485

ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමත්ව තිබෙනවා.

එම ප්‍රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල 05ක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව සිටිනවා.

පසුගිය 29 වනදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්‍ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන්.

සයින්දමර්දු නිවසේ තිබී මේ වන විට සුදු ඇඳුම් කට්ටල 05ක් හමුවී ඇති අතර ඉතිරි ඇඳුම් කට්ටල සෙවීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් කාන්තාවන් මෙවැනි ඇඳුම් නොඅදින අතර මෙම ඇඳුම් ඇද සිංහල කාන්තාවන් මෙන් සැරසී පැමිණ ආගමික ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම ඇඳුම් මිලදී ගන්නට ඇති බව බුද්ධි අංශ සැකපළ කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here