Home Local කිලිනොච්චි‍යේ නිවසකින් යුධ හමුදා ඇදුම් හා දුරකථන රැසක් සොයාගනී

කිලිනොච්චි‍යේ නිවසකින් යුධ හමුදා ඇදුම් හා දුරකථන රැසක් සොයාගනී

270

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී යුධ හමුදා ඇඳුම්වලට සමාන ඇදුම් කිහිපයක් හා දුරකථන 07ක් ඊයේ (28) සවස සොයාගත් බව ධර්මපුරම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී දුරකථන හා යුධ හමුදා ඇදුම් සොයාගත් බවයි.

අදාළ නිවසේ හිමිකරු මුස්ලිම් ජාතිකයෙකු වන අතර, අදාළ පුද්ගලයා දමිළ කාන්තාවක් විවාහ කරගෙන ඇති බව අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කර සිටියා.

ගෙහිමියා නිවස පරීක්ෂා කිරී‍මේදී නිවසේ නොසිට ඇති අතර, සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here