Home Local හලාවතින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා අතර දමිළ ජාතිකයින් තිදෙනෙක්

හලාවතින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා අතර දමිළ ජාතිකයින් තිදෙනෙක්

422

හලාවත සහ ඒ අවට සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 07 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (27) වැනිදා අළුයම සිට හලාවත පොලීසිය සහ යුධ හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද අතර හලාවත, ජයබිම ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් 04 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 20 – 50 අතර වියේ පසුවන ඔවුන් ගෙන් ප්‍රශ්ණ කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.

මේ අතර හලාවත, අඹකදවිල ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 17- 18 වියේ පසුවන උතුරු නැගෙනහිර පදිංචි දමිල ජාතිකයින් බව පොලීසිය පවසන්නේ.

තමන් අඹකදවිල ප්‍රදේශයේ පවත්වා ගෙනයන ඉස්සන් ගොවිපල වල සේවය කිරීම සදහා පැමිණි බවද සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

හලාවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here