Home Local යාපනය වඩමාරච්චියෙන් වළදමා තිබු බෝම්බ තොගයක් හමුවෙයි

යාපනය වඩමාරච්චියෙන් වළදමා තිබු බෝම්බ තොගයක් හමුවෙයි

336

යාපනය, වඩමාරච්චි නැගෙනහිර අම්බාල් ප්‍රදේශයේ වළ දමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (27) සොයාගත් බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ නව නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් නිවසක් සකස් කිරීමට ගෙබිම සකස් කිරීමේදී ප්ලාස්ටික් බැරලයක තුළ පැවති අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක ගෙහිමියා පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍‍සොයාගත් බවයි.

පුපුරණ ද්‍රව්‍ය බහාලු කොපු 09ක් හා අදාළ පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමට යොදාගන්නා වයර්, ෆියුස් ඇතුළු උපකරණ තොගයක් එලෙස සොයාගත් බවද පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසුවේ යුධ සමයේ LTTE සංවිධානය සඟවා ගිය පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස පැවති බවට සැක පළ කරන බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here