Home Local මොරගොඩ මුස්ලිම් පල්ලියකින් ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

මොරගොඩ මුස්ලිම් පල්ලියකින් ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

457

ගාල්ල, දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.

මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here