Home Local පිලිස්සීමට උත්සහ කර ගෙනත් දැමූ දුරදක්න 08ක් වෙල් යායකින් හමුවෙයි

පිලිස්සීමට උත්සහ කර ගෙනත් දැමූ දුරදක්න 08ක් වෙල් යායකින් හමුවෙයි

430

කින්නියා පොලිස් වසමට අයත් පාසල් මාවතේ වෙල් යායක දමාගොස් තිබු ස්නයිපර් ගිණි අවි වලට යොදන දුර දක්න 08ක් අද (28) සොයාගැනිමට පොලිසිය සමත්ව තිබෙනවා.

ස්නයිපර් ගිණි අවි භාවිතයේදි දුර ඉලක්ක සපුරා ගැනිම සදහා මෙම දුර දක්න ගිණි අවි වලට සවි කරණ බවත් එවැනි දුරදක්න 08ක් පිලිස්සීමට උත්සහ කර විනාශ කිරිමට නොහැකි වීම නිසා ගෝනියක බහා ගෙනවිත් දමන්නට ඇති බවත් පොලිසිය සැකපල කරානවා.

මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම ස්ථානයට දුර දක්න ගෙනවිත් දැමු අය සොයා පොලිස් පරික්ෂණ මෙහෙයවනු ලබනවා.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here