Home Hit මස්කෙලියේ පල්ලියකින් පිහි 49ක් සහ පොරො 03ක් අත්අඩංගුවට

මස්කෙලියේ පල්ලියකින් පිහි 49ක් සහ පොරො 03ක් අත්අඩංගුවට

909

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදුකල හදිසි සොදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49ක් පොලිසියේ භාරයට ගත්බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක සඳහන් කර සිටියා.

මේ දිනවල දිවයින පුරා සිදුකරන සොදිසි මෙහෙයුම් වලට සමගාමිව අද (27) උදෑසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරයේ තිබි පිහි 49 සහ පොරො 03ක් අත්අඩංගුවට ගත් බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගබඩා කාමරයේ පිහි 49ක් සහ පොරො 03ක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගත් බවයි මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො 03 පොලිස් භාරයට ගෙන තිබෙනවා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here