Home Local දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් සැකකරු පරිගණක විශේෂඥයෙක්‌

දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් සැකකරු පරිගණක විශේෂඥයෙක්‌

515
0

ISIS මුස්‌ලිම් ත්‍රස්‌තවාදී සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව කියන පුද්ගලයකු 25 රාත්‍රී අලුත්ගම පොලිසිය විසින් දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පරිගණක පුහුණුව පිළිබඳව විශේෂඥ දැනුමක්‌ ඇති මොහු නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් අතර එහිදී පරිගණක හා විද්‍යුත් උපකරණ කීපයක්‌ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

මොහු විසින් විදේශීය ත්‍රස්‌තවාදී සංවිධාන සමග සම්බන්ධයක්‌ පවත්වා ඇද්ද යන්න පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු පිළිබඳ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න සඳහන් කර සිටියා.

මේ අතර කළුතර, පානදුර, බණ්‌ඩාරගම, හොරණ, බේරුවල, පයාගල, මග්ගොන, අලුත්ගම හා දර්ගා නගරය මතුගම හා අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශවල ආරක්‍ෂාව ඊයේ (26) දැඩි කර තිබෙනවා.

විජයසිරි විද්‍යාසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here