Home Local ත්‍රිකුණාමලයේ දී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් නාවුක හමුදා අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේ දී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් නාවුක හමුදා අත්අඩංගුවට

611

ත්‍රිකුණාමලය උතුර නාවික බල ප්‍රදේශයට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේදි පුද්ගලයෙක් රැගෙන යමින් සිටි වොටර් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගයක් අද (27) අලුයම අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්වුණා.

මෙම පුද්ගලයා සතුව තිබේ වොටර් ජෙල් කරල් 16ක් හා ඩෙටනේටර් 160ක් සේවා නූල් අඩි 12 1/2ක් සමග මෙම පුද්ගලයා නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඒ අවට සිදුකල සෝදිසියකදි සගවා තිබු තවත් වෝටර් ජෙල්කරල් 43ක් ඩෙටනේටර් 55ක් සහා සේවා නුල් අඩි 14 1/2ක් සොයාගැනිමට සමත්ව තිබෙනවා.

සැකකරු සමග මෙම පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර පරික්ෂණ සදහා කුච්ච්වේලි පොලිසියට භාර දිමට නියමිතයි.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here