Home Local 2882ක් යුද හමුදාවෙන් ඉවත් වීමේ සූදානමක

2882ක් යුද හමුදාවෙන් ඉවත් වීමේ සූදානමක

488
0

සේවය හැරගොස් සිටි යුද හමුදා නිලධාරීන් 02කු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 2882ක් දෙනෙක් යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.

අප්‍රේල් මස 22 වනදා සිට 25 වනදා දක්වා දින 04ක කාලසීමාව තුළදී මොවුන් මෙසේ ඉල්ලුම් කර ඇතැයි යුද හමුදාව පවසනවා.

අප්‍රේල් 22 දින සිට මැයි 10 දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි ද සඳහන්.

මේ යටතේ 2019 අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා දින 21කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින නිලධාරීන් සහ අප්‍රේල් මස 22 වන දිනට නොකඩවා මාස 6ක් හෝ දින 180කට වැඩි කාල සීමාවක් නිඩාඩු නොමැතිව සිටින කොමිෂන් නොලත් නිලධාරීන්ට එම අවස්ථාව ලබාගත හැකියි.

තවද නිවාඩු නොමැතිව මාස 06කට වැඩි කාල සීමාවක් නොපැමිණ සිටින එහෙත් තව දුරටත් යුද්ධ හමුදා සේවයේ නැවත නිරත වීමට කැමති පුද්ගලයින් හට යුද්ධ හමුදාවට නැවත එක්වීමටද අවස්ථාව සැලසෙනවා.

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here