Home Hit ජනපති උපදෙස් මත මොරගහකන්ද ජලාශය නැරඹීමට මහජනතාවට යළි අවස්ථාව

ජනපති උපදෙස් මත මොරගහකන්ද ජලාශය නැරඹීමට මහජනතාවට යළි අවස්ථාව

612
0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ උපදෙස් පරිදි මොරගහකන්ද ජලාශය නැරඹිම සඳහා මහජනතාවට අද (25) යළි අවස්ථාව සලසා ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය නිවේදනය කරයි.

පැවති අනාරක්ෂිත තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශය නැරඹිමට මහජනතාවට අවස්ථාව ලබා නොදෙන ලදී.

ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියා සිටියේ මහවැලි සංවර්ධන අමාත්‍යංශ ලේකම් හා අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජලාශය නැවත මහජනතාවට දැක බලාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් ජලාශය නැරඹීම සඳහා පැමිණෙන පිරිස් විශේෂ පරීක්ෂාවකට ලක්වන බවත්, පැමිණෙන රථ වාහන ව්‍යාපෘති භූමියෙන් පරිභාහිරව නැවතිය යුතු බව ද දයානන්ද මහතා කියා සිටියේය.

කණ්ඩායම් වශයෙන් පැමිණෙන පිරිස් කල්වේලා ඇතිව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශයේ දුරකන අංක 066 – 2053632 ට සම්බන්ධිකරණ නිලධාරි, මහජන සම්බන්ධතා ඒකකය යනුවෙන් සඳහන් කර ෆැක්ස් පතක් යොමුකිරීමෙන් කටයුතු වඩාත් පහසුවන බව දයානන්ද මහතා කියා සිටියේය.

කඩිනම් මහවැලි සංවර්ධන සැලැස්ම යටතේ මෙරට ඉදිවූ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශය වේලි තුණකින් සමන්විත වන අතර කොන්ක්‍රීට්,පස් හා ගල් යෙදු වේලී තුනක් එකම ස්ථානයකින් නැරඹීමේ අවස්ථාවද මොරගහකන්ද ජලාශය නරඹන්නන්ට හිමිවෙයි.

ඉන්දික අරුණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here