Home Hit UPDATE : ගුවන් තොටුපොළ කටයුතු යළි සාමාන්‍ය පරිදි

UPDATE : ගුවන් තොටුපොළ කටයුතු යළි සාමාන්‍ය පරිදි

662
0

ගුවන්තොටුපොල කටයුතු මේ වන විට සාමාන්‍ය අයුරින් සිදුකෙරෙන බව ගුවන්තොටුපොල ගුවන්සේවා සමාගමෙහි සභාපති ධම්මික රණතුංග මහතා පවසනවා.

ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් ඇති කර ගත යුතු නොමැති බවත් ආරක්ෂාකාරී වැඩපිළිවෙලක් ගුවන් තුටුපොළ තුලද ක්‍රියාත්මක වන බව පැවසූ සභාපතිවරයා ගුවන් මගීන් පැය 04කටවත් පෙර ගුවන්තොටුපොලට පැමිණෙන ලෙස ඉල්ලීමක්ද කර සිටිනවා.

ගුවන්තොටුපොල රථගාලේ සැකකටයුතු මෝටර් රියක් නවතා දැමීම හේතුවෙන් උදෑසන ගුවන්තොටුපොල මාර්ගය වසා දමා දැඩි පරීක්ෂාවට ලක් කෙරුණා.

කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.

ඒ, ගුවන්තොටුපොළ පිටත රථ ගාලේ සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම හේතුවෙනි.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට මාර්ගය ද මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here