Home Local අන්තර්ජාලයේ ප්‍රහාර ගැන උදම් ඇනූ මෞලවී සොයා මෙහෙයුමක්

අන්තර්ජාලයේ ප්‍රහාර ගැන උදම් ඇනූ මෞලවී සොයා මෙහෙයුමක්

2205

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ඨ කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප්‍රහාරයක් බව පසවමින් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් බාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය බාර මෞලවි නව්මාන් නමැත්තා විසින් එය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබදව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුවයි මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීචූර් ප්‍රදේශයේ වූවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේයි.

පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුව සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම ප්‍රදේශයේ වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා ඇති අතර මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු 02ක් හරස් වී තිබෙනවා.

ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වීමයි.

අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් 04 දෙනෙකු සිටීමය.

මේ වන විට පොලිසිය සියලු තොරතුරු සටහන් කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැගීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

ශ්‍රී ලංකා මිරර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here