Home Hit ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන පැය 24ම විවෘත කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන පැය 24ම විවෘත කරයි

465
0

වර්තමානයේ රටේ ඇති වී ඇති අපහසුතාව සළකා බලා ගුවන් මගී සේවා සැපයීම සදහා කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයට අමතරව තවත් රටපුරා පිහිටි ප්‍රධාන නගර කීපයකම සිය සේවා මධ්‍යස්ථාන දවසේ පැය 24 පුරා විවෘත කර තැබීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් ටිකට් පත් මිලදී ගැනීම, ගුවන් ගතවීමේ දින වෙනස් කර ගැනීමට, ආසන වෙන් කරවා ගැනීමට මෙන්ම ගුවන් යානා පිටත්වන සහ පැමිණීමේ වේලාවන් පිළිබඳව දැන ගැනීමට ද මෙම සේවා මධ්‍යස්ථාන ඔස්සේ සිදුකර ගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

මඩකලපුව, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, වව්නියාව සහ වෙන්නප්පුව යන නගර වල මෙම ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමට 1979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකි බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here