Home Local බෝම්බ පිපිරීම් වීඩියෝගත කළ තරුණයා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර

බෝම්බ පිපිරීම් වීඩියෝගත කළ තරුණයා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර

793
0

කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලය තුළ හා දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක් තුළ පෙරේදා (21) සිදුවූ බෝම්බ පිපිරීම් සිය ජංගම දුරකථනය මගින් පටිගත කළ සැකකාර මුස්ලිම් ජාතික තරුණයා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (22) අවසර ලබා දී තිබෙනවා.

එම සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී පෙරේදා (21) සිදුවූ අනෙකුත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර 07 මුල සිට අග දක්වා වීඩියෝ ගතකළ දර්ශන ඇතුළත් බව අනාවරණය වූ බවත් පොලිස් අධිකාරිවරයකුගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමට අවසර ලබාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම සැකකරු අධිකරණයේ නිරීක්‍ෂණය සඳහා ලබන 08 වනදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

ඒ. ජේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here