Home Local කිලිනොච්චියෙන් ‍මෝටාර් උණ්ඩ තොගයක් මතුවෙයි – PHOTOS

කිලිනොච්චියෙන් ‍මෝටාර් උණ්ඩ තොගයක් මතුවෙයි – PHOTOS

546
0

මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 16ක් අද (23) කිලිනොච්චිය, පුලියංපොක්කනෙයි ප්‍රදේශයේදී සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ පසුගිය යුද සමයේ LTTE සංවිධානයේ කාන්තා පුහුණු කඳවුරක් පිහිටි ස්ථානයේ තිබී අදාළ මෝටාර් උණ්ඩ තොගය සොයාගත් බවයි.

කිලිනොච්චිය පොලිස් නිළධාරීන් වෙත ලද තොරතුරක් මත අදාළ ස්ථානය පරීක්ෂා කිරීමේදී මෝටාර් උණ්ඩ තොගය හමුවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ දිරාපත්ව ගිය මෝටාර් උණ්ඩ තොගයක් එලෙස සොයාගත් බවත්, යුධ සමයේ අවසන් කාලයේදී පළාගිය LTTE සංවිධානය අදාළ බෝම්බ දමා යන්නට ඇති බවට සැක පළ කරන බවත්ය.

සොයාගත් මෝටාර් උණ්ඩ පිළිබඳ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදීමට නියමිත තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here