Home Hit දිවයින පුරා සියලු පෞද්ගලික කතෝලික පාසල් තාවකාලිකව වසා දමයි

දිවයින පුරා සියලු පෞද්ගලික කතෝලික පාසල් තාවකාලිකව වසා දමයි

443
0

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සඳුදා (29) දක්වා තාවකාලිකව වසා දමාන බව නිවේදනය කර තිබෙනවා.

සියලුම පෞද්ගලික කතෝලික පාසල්වල සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙ බව දන්වා ඇත්තේ.

රට තුළ පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස පාසල් වසා දැමීට තීරණය කර තිබෙනවා.

ඊයේ (21) දිවයින පුරා සිදු වු පිපිරීම් හේතුවෙන් සියලුම පාසල් අද (22) සහ හෙට (23) වසා දමනු ලැබුවා.

එමෙන්ම සියලුම විශ්වවිද්‍යාල වල අධ්‍යන කටයුතු ද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

තවද මෙම දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබු රජයේ විභාග කටයුතු ද සියල්ල නවතා දමා ඇති බව නිවේදනය කර තිබෙනවා.

ඊයේ දිනයේ සිදු වු පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් 290ක් මිය ගොස් ඇති අතර 500ක් පමණ පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය නිවේදනය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here