Home Local අද උතුරේ සියලු රාජ්‍ය ආයතන වැසෙයි

අද උතුරේ සියලු රාජ්‍ය ආයතන වැසෙයි

267
0

රට තුළ උද්ගතව ඇති තත්වය සළකා බලා උතුරු පළාත් සභාවට අයත් සියලු පළාත් රාජ්‍ය ආයතන සඳහා අද (22) දිනයේ නිවාඩු ලබාදෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසා සිටියා.

ඔහු පැවසුවේ උතුරු පළාත් සභාවේ සේවයේ නියුතු නිළධාරීන්ගේ ආරක්ෂාව පතා අදාළ තීරණය ගත් බවයි.

ඇතැම් නිළධාරීන් වෙත ප්‍රවාහන පහසුකම් ලබාගැනීම ඇතුලු දුෂ්කරතා රැසක් පැන නැඟී ඇති බැවින් පළාත් රාජ්‍ය ආයතන වෙත නිවාඩු ලබාදුන් බවයි ඔහු සඳහන් කර සිටියේ,

ලබාදෙන ‍නිවාඩු දිනය වෙනුවෙන් ඉඳිරියේදී සේවා දිනයක් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දෙන බව ද පළාත් ආණ්ඩුකාර කාර්යාල නිළධාරීන් කියා සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here