Home Hit නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය

නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය

371
0

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අනුව මේ මොහොතේ සිට යලි නැවත දැනුම් දෙන තුරු පනවා තිබේ.

රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබදව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

තවද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණ, කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇත.

කෙසේ වෙතත් මේ වන විට දිවයින පුරා පිපිරීම් 8ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here