Home Local ඇමති විදෙස් සංචාරයක සිටියදී හදිසි චක්‍රලේඛයක් – දැනුම්දීමෙන් පසු අත්හිටුවයි

ඇමති විදෙස් සංචාරයක සිටියදී හදිසි චක්‍රලේඛයක් – දැනුම්දීමෙන් පසු අත්හිටුවයි

385
0

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටලු ඇතිවන ආකාරයට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරායා නිකුත් කළ චක්‍රලේඛ්‍ය අත්හිටුවන ලෙසට විෂයභාර අමාත්‍ය දයා ගමගේ විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

දෙපාර්තමේන්තුවට සේවකයන් අන්තර්ග්‍රහණය කිරීමේදී දැනට පවතින වැටුප් අඩුවන ආකාරයට මෙම චක්‍ර ලේඛ්‍ය නිකුත් කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කර සිටිනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා අප්‍රේල් 04 වනදා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එය අවලංගු කරන ලෙස ඉල්ලා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද දියත් කර තිබෙනවා.

දැනට විදේශ සංචාරයක නිරත අමාත්‍යවරයාට මේ පිළිබඳව දැන ගැනීමට ලැබීමෙන් පසුව මෙම චක්‍රලේඛය අවලංගු කරන ලෙස ඔහු උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මෙම චක්‍ර ලේඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරිමකින් තොරව නිකුත් කර ඇතැයි වාර්තාවන අතර ඒ අනුව මින් ඉදිරියට තමා දැනුවත් නොකර චක්‍ර ලේඛ නිකුත් කර නොහැකි බවටද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here