Home Local මධූෂ්ගේ උපන්දින සාදයට ගිය තවත් දෙදෙනකු කටුනායකට

මධූෂ්ගේ උපන්දින සාදයට ගිය තවත් දෙදෙනකු කටුනායකට

564
0

මාකදුරේ මදූෂ් විසින් ඩුබායි හි පවත්වන ලද උපන් දින සාදයට සහභාගී වී එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි තවත් දෙදෙනකු අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මොහොමඩ් ඉන්හාම් මොහොමඩ් අප්‍රිඩෙන් සහ රාජපක්ෂ මොහොට්ටිගේ දොන් පියල් පුෂ්පකුමාර රාජපක්ෂ එම දෙදෙනායි. .
මොවුන් දෙදෙනා අද අලුයම 5.50 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළේ දී ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා භාර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් මොවුන් රැගෙන ගොස් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

ඊයේ දින ඩුබායි සිට පැමිණි 06 දෙනාගෙන් එක් අයෙකු ප්‍රශ්න කර මුදාහැරිය බවට පොලීසිය ප්‍රකාශ කළ ද ඔහු මේ වනතෙක් ගුවන් තොටුපළෙන් පිටතට පැමිණ නැහැ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here