Home Local ”නෝත‍්‍රදාම් දෙව්මැඳුරේ ගින්න වෙනුවෙන් කනගාටුව පළ කරනවා” – මැල්කම් රංජිත් අගරදගුරුතුමා

”නෝත‍්‍රදාම් දෙව්මැඳුරේ ගින්න වෙනුවෙන් කනගාටුව පළ කරනවා” – මැල්කම් රංජිත් අගරදගුරුතුමා

519
0

ලෝක උරුමයක් වූ ප‍්‍රංශයේ පැරීසියේ නෝත‍්‍රදාම් ඓතිහාසික කතෝලික දෙව්මැඳුරේ හටගත් මහා ගින්නෙන් සිදු වූ විශාල හානිය පිළිබඳව ප‍්‍රංශ රජය සහ එරට කතෝලික සභාව වෙත ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කනගාටුව පළ කරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසනවා.

මෙම ගින්න කඩාකප්පල්කාරී ගින්නක් බවට හෙළි වී නැති බවත් සිදුවූ විනාශය පිළිබඳව ශ‍්‍රී ලංකා කතෝලික සභාව මෙම පාස්කු සමයේ යාච්ඤා කරන බවයි කාදිනල්තුමා සඳහන් කළේ.

මෙම දෙව්මැඳුරට මීට පෙර කිහිප වතාවක්ම තමා ගොස් එම දෙව්මැඳුරේ දේව මෙහෙයන් පවා පැවැත්වූ බව ද මෙම දෙව්මැඳුර කෞතුක අතින් ද ලෝකයට විශාල සම්පතක් බව ද කාදිනල් හිමිපාණන් සඳහන් කර සිටියා.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here