Home Local ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

494
0

පවතින අධික උණුසුම් කාලගුණයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක සඳහන් කළේ, දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණයේ අඩුවක් අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි ඇතිවන විට ප්‍රබල අකුණු සහ තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here