Home Hit ඩුබායි සිටි තවත් පාතාල සාමාජිකයින් 06 දෙනෙකු කටුනායකට

ඩුබායි සිටි තවත් පාතාල සාමාජිකයින් 06 දෙනෙකු කටුනායකට

559

පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් විසින් ඩුබායිහී දී සංවිධානය කළ උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටි තවත් 06 දෙනෙකු අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් රියාස් , රණසිංහගේ සුරේෂ් වසන්ත, යොන් මෙරන්ග සයිමන් හේවගේ රෑපදාස, මොහොමඩ් ජබීර් මොහොමඩ් හිබ්‍රේ සහ සමරසිංහගේ නිලාන් රොමේෂ් යන අය සිටිනවා.

මොවුන් අද අලුයම 5.20ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මේ වනවිට මොවුන් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here