Home Hit හිට්ලර්ත් පෙම්බැදි අද ගිනි ගන්නා නොත්‍රදාම පල්ලිය

හිට්ලර්ත් පෙම්බැදි අද ගිනි ගන්නා නොත්‍රදාම පල්ලිය

994
0

ජේසූස්වහන්සේගේ කටු ඔටුන්න තැන්පත්කර ඇති ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි දේවස්ථානය ගිනි ගනී
ඉතිහාසය ගිනි ගනියි ….

1946 වසරේ අගෝස්තු මාසය වන විට හිට්ලර් ගේ නාසි හමුදා යුරෝපයේ ප්‍රධාන නගර කීපයකටම පහර දී බලය අත්පත් කර ගෙන සිටියහ. ලන්ඩන් නගරයෙන් හරි අඩක් විනාශ කිරීමෙන් පසුව යුරෝපයේ හදවත ලෙස හැදින්වුණු පැරිස් නගරයට පහර දීම ඔවුන්ගේ ඉලක්කය විය.

හිට්ලර් ගේ සමිපතයෙකු වූ Dietrich Von Cholitiz වසර කීපයක සිටම පැරිස් නගරයේ යුධ කටයුතු හා අණ දීම් භාර නිලධාරියාය. පැරිසියට පහර දීමේ හිට්ලර් ගේ දැඩි උවමනාව දිනෙන් දිනම කල් දැමූ මේ නිලධාරියා ගේ නවාතැන වූයේ ප්‍රකට හෝටලයක් වූ Hotel Maurice සුඛෝපභෝගී කාමරයකි. අන්තිමේදී 1946 වසරේ අගෝස්තු මස 22 වැනිදා හිට්ලර් ගෙන් අවසන් පණිවුඩය ඔහුට ලැබුණි. එනම් පැය විසි හතරක් ඇතුළත පැරිසියේ වැදගත් ස්ථාන වලට පහර දී ඇඩපණ කරනා ලෙසයි. දශක දෙකකට අධික කාලයක් හිට්ලර් ගේ අණ ක්‍රියාවට නැංවූ Dietrich Von Cholitiz මුල් වතාවට තම් නායකයා ගේ විධානය ප්‍රතික්ෂේප කළේය. පැරිස් නගරය විනාශ කිරීමේ කාර්යය ඔහු අතහැර දැමුවේය.

මේ සුවිශේෂ නාසි අණ දෙන නිලධාරියා පැරිසියේ ගැලවුම්කරු ලෙස හැඳින්වෙයි. සත්‍ය වශයෙන්ම ඔහු පැරිසිය විනාශ කිරීම ප්‍රතික්ෂේප කලේ ඇයි …? තම නායකයාගේ අණට ඔහු අවනත නොවුණේ ඇයි ….?

වසර 22 ට පසු එනම් 1966 වසරේ ජිවිතයේ අවසන් කාලය ගත කරමින් සිටි Dietrich Von Cholitiz තමා හිට්ලර් ගේ අණට කීකරු නොවූයේ මන්දැයි ප්‍රංශ රුපවාහිනිය හමුවේ හෙළි කළේය. මුල්ම හේතුව වූයේ හිට්ලර් නොබෝ දිනකින් යුද්ධය පරාජය වන බව දැන සිටිමලු.අනෙක් වැදගත් කරුණ වුයේ ඔහු පැරිස් නගරයට දැක්වූ අසීමිත ආදරයයි. දහස් ගණනක් ජිවිත බිලිගත් සිත් පිත් නැති නාසියෙකු වුවද ඔහු නගරයේ සුන්දරත්වයෙන් වශීවී සිටියේය. නගරයේ අනෙක් සියලුම වැදගත් ස්ථාන විනාශ කරන්නට දැඩි සිතක් ඇති කර ගත්තද එක් අද්විතීය ලෝක උරුමයක් විනාශ කිරීමට ඔහුගේ සිත නැමුණේ නැත . මේ කියනා අද්විතීය ලෝක උරුමය නම් මේ මොහොතේ ගිනි ගෙන දැවෙනා පැරිසියේ නොත්‍රදාම පල්ලියයි.

මේ මොහොතේ ගිනි ගෙන දැවෙනා නොත්‍රදාම පල්ලියේ (Our Lady Of Paris) ඉදිකිරීම් ආරම්භ වූයේ 1163 වසරේය. එය ප්‍රංශ ඉතිහාසයේ එක් වැදගත් පිටුවකි. දහ නව වැනි සියවසේ රට කරවූවෝ මේ මහා දේවස්ථානය වැඩකට නැති දෙයක් යැයි කිහ. මෙය විනාශ කර එහි ගඩොල් වලින් පාලම් සැදිය යුතු බවට තීරණය කළහ. මෙහිදී පැරිස් වැසියෝ එයට විරෝධතා දක්වන්නට උත්සාහ කළේ නැත. ඔවුන් මහා ලේඛක වික්ටර් හියුගෝ සොයා ගියහ. මේ මහා නිධානය බේරා ගන්නට යමක් කරන්නැයි ඉල්ලා සිටියහ. අනතුරුව 1828 වසරේ මේ මනරම් දේවස්ථානයේ කුඩා මන්දිර තුළින් ඇවිද යන මහා ගත්කරු පසු කළෙක Notre Dame de Paris ලීවේය. (නොත්‍රදාමයේ කුදා ) මේ පොත මතින් බිහි වී ඇති සිනමාපට ගණන 21 කි. ටෙලි නාට්‍ය ගණන 72 කි.

කලා කරුවන්ගේ සංවේදී සිත් මේ දේවස්ථානය වෙත ඇදී ගියේ ඇයි ..? එය ලෝකයේ වඩාත් මනරම් දේවස්ථාන අතර මුලින්ම කිරුළු පැළදුවේ ඇයි …? එය වසරකට මිලියන 13 ක් සංචාරකයන්ගේ හා බැතිමතුන්ගේ (දල වශයෙන් දිනකට 30000 ක් ) නෙත් පහසට ලක් වුයේ ඇයි….? එකම පිළිතුර නම් එය අසමසම නිර්මාණයක් වීමයි. එය අපුරු වටාපිටාවකට හිමිකම් කියන සංකීර්ණ වාස්තු විද්‍යාවන්ගේ නිර්මාණයක් වීමයි.

දැන් මේ මොහොතේ ගිනි ගෙන දැවෙන්නේ ඒ සොදුරු නිධානයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here