Home Hit බැංකු කඩන්නේ වසලයෝ – සජිත් ප්‍රේමදාස (VIDEO)

බැංකු කඩන්නේ වසලයෝ – සජිත් ප්‍රේමදාස (VIDEO)

889

බැංකු කඩපු පුද්ගලයා වසලයා බවත් බැංකු හදපු පුද්ගලයා බ්‍රාහ්මණයෙකු බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලා. ඒ හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජනහමුවකදි.

බැංකු කැඩූ වසලයන් විසින් තමන් ජනතාව වෙත කරන සේවය විවේචනය කරමින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

“ජනතාව බලාපොරොත්තු වූයේ ආලෝකය වුවත් ජනතාවට ලබාදී ඇත්තේ අන්ධකාරය. බිරිඳ යොදවලා අල්ලස් ගන්න එක වසළ ක්‍රියාවක්” යනුවෙන් ඔහු එහිදී එල්ල කල වාග් ප්‍රහාරය විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා ඉලක්ක කරගනිමින් එල්ල කල විවේචනයක් බවයි දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here