Home Local ගාලු කුමාරි පීලිපනි

ගාලු කුමාරි පීලිපනි

333

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වන ගාලු කුමාරි දුම්රියේ එක කොටසක් අද (16) උදැසැන ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදි පීලිපැනිම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.

පීලිපැනිමෙන් මගින්ට හෝ දුම්රියට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර දුම්රිය මාර්ගයේ මීටර් 100ක් පමණ දුරට සිල්පර කොටන් වලට අලාබහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටින්නේ.

දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර දහවල් වන විට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුකල හැකි වූ බවයි වාර්තා වන්නේ.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here