Home Business ශ්‍රී ලංකාවට තේ දළු කඩන යන්ත්‍ර ගෙන්වයි!

ශ්‍රී ලංකාවට තේ දළු කඩන යන්ත්‍ර ගෙන්වයි!

716
0

ශ්‍රී ලංකාවට තේ දළු කඩන යන්ත්‍ර දෙකක් ගෙන්වීමට තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.ඒ රංජිත් මහතා ප්‍රකාශ කරනවා.

පවතින ශ්‍රම හිඟයට විකල්පයක් වශයෙන් ජපානයේ කවසාකි සමාගමෙන් මෙම තේ දළු නෙළන යන්ත්‍ර දෙක ආනයනය කරන අතර එම යන්ත්‍ර දෙක පළමුවෙන් තත්ව පරීක්ෂණය සදහා යොදාගනු ලබනවා.

යන්ත්‍ර දෙකේ සාර්ථකත්වය මත ඉදිරියේදී එම යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන එන බවයි ලේකම්වරයා ප්‍රකාශ කලේ.

මෙම එක් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පුද්ගලයින් දෙදෙනෙකු පමණක් අවශ්‍ය වන අතර මහා පරිමාණ තේ වතුවල දලු කැඩීම සදහා වඩාත් යෝග්‍ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here