Home Local ”වැඩිහිටි දීමනා වැඩි කළ යුතුයි” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

”වැඩිහිටි දීමනා වැඩි කළ යුතුයි” – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

685
0

වැඩිහිටියන්ට ලබාදෙන දීමනා වැඩි කර ඔවුන්ට පහසු වන පරිදි ඒවා නිවෙස් වෙතට ලැබීමට සැලැස්විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඊයේ (11) තංගල්ල, වනවාස කුඩා විහාරයේදී වැඩිහිටියන් සඳහා පැවැති දානමය පින්කමකට සහභාගී වෙමින් පැවැසුවා.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි වැඩිහිටියන් 200 දෙනෙකු සඳහා දහවල් දානය පිරිනැමීමේ වැඩසටහනක් ඊයේ තංගල්ල වනවාස කුඩාවිහාරයේදී පැවැති අතර මෙය රුහුණු කරළිය සංවිධානය විසින් සංවිධානය කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජන්ම දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර නාමල් රාජපක්ෂ ද එහිදී වැඩිහිටියන් සමඟ කේක් කපා සිය ජන්ම දිනය සමරනු ලැබුවා.

ඇමැතිවරුන්ගේ නම් ප්‍රදර්ශනය කිරීමට වැඩිහිටි නිවාස පිහිටවීම අවශ්‍ය නොවන බවද සමස්ථ වැඩිහිටියන්ට සහන ලැබිය යුතු බවද විපක්ෂනායකවරයා එහිදී ප්‍රකාශ කළා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here