Home Local බීමත් රියදුරන් සොයා නුවරඑළියේ අඛන්ඩ මෙහෙයුම් – PHOTOS

බීමත් රියදුරන් සොයා නුවරඑළියේ අඛන්ඩ මෙහෙයුම් – PHOTOS

371

උත්සව සමයේ මත්පැන් පානය කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොලිසියේ රථවාහන අංශය විශේෂ වැටලිම් දිවා රාත්‍රි කාලයේ ක්‍රියාත්මක කර තිබෙනවා.

විශේෂයෙන් උත්සව සමයේදී දෙස් විදේස් සංචාරකයින් කදුකරයේ සුන්දරත්වය විඳිමින් සිංහල දෙමළ අවුරුදු සමරමින් විනෝද වීම සදහා පැමිණෙන අතර දහස් ගනන් පැමිණෙන එම පිරිස් කඳුකරයේ වංගු හා ප්‍රපාත සහිත මාර්ගවල රිය ධාවනය කිරිමේදි අධික වේගය හා අපරික්ෂාරී බව නිසා බොහෝවිට අනතුරු වලට පත්වනවා.

එවන් අවස්ථා වලදී ජීවිත අහිමිවීම්ද වාර්තා වී ඇති බැවින් අනතරට පත්වු එම වාහන අතර බහුතරයක් රියදුරත් බීමත්ව සිටි බව පසුව පරික්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

එම නිසා සංචාරය සදහා පැමිණෙන ජනතාවගේ හා පදිකයින්ගේ ජිවිත ආරක්ෂාව මෙන්ම දේපලවල ආරක්ෂාව වෙනුවෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙම පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ලංකාව පුරාම සිදුකෙරෙන වැටලීම් වලට සමගාමිව අවුරුදු සමය ලබන 20 වනදා දක්වාම තුරුම ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට එරෙහිව දැඩිලෙස නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටියා.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here