Home Local දරුවෙකු බසයකට යටවීමෙන් වතු කම්කරුවන් නොසන්සුන්

දරුවෙකු බසයකට යටවීමෙන් වතු කම්කරුවන් නොසන්සුන්

671
0

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොල් වතුයායේ සිට බගවන්තලාව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට තුන් හැවිරිදි පිරිමි ළමයෙකු යට වි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

අද (12) පස්වරු 04ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ බගවන්තලාව – ලොයිනොන් ප්‍රධාන මාර්ගයේ කැම්පියන් නගරයේදියි.

තම පියා සමග හෙටට (13) යෙදෙන සිංහල දමිල අලුත් අවුරුද්ද සදහා කොන්ඩය කැපිම සදහා කැම්පියන් නගරයට පැමිණ කොන්ඩය කැපිමෙන් අනතුරුව පියාගෙන් මිදුණු ළමයා ප්‍රධාන මාර්ගය හරහා මාරුවිමට යාමේදි අධික වේගයෙන් කැම්පියන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ ඉදිරිපස රෝදයට යට වි ළමයා බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

අනතුර සිදුවිමෙන් අනතුරුව කැම්පියන් නගරයට ආසන්නව පදිංචි වතුකම්කරුවන් නොසන්සුන්කාරි ලෙස හැසිරුණු අතර
අනතුරෙන් පසු පෞද්ගලික බස් රථයේ රියදුරා පලා ගොස් බගවන්තලාව පොලිසියට භාර වි ඇති බව සඳහන්.

අනතුර පිලිබදව බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here