Home Local ජීව උණ්ඩ සමග රිවෝල්වරයක් අත්අඩංගුවට

ජීව උණ්ඩ සමග රිවෝල්වරයක් අත්අඩංගුවට

526

මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් හා ඒ සඳහා යොදනු ලබන උණ්ඩ 09ක් සමඟ පුද්ගලයකු ගාල්ල වරාය පොලිසිය විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උදෑසන මාගාල්ල ධීවර වරායේදී බෝට්ටුහිමිකරුවකු හා තවත් ධීවර කාර්මිකයකු අතර බහින්බස් විමක් ඇති වී ඇති අතර එහිදි රිවෝල්වරයක් පෙන්වා තර්ජනය කළ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත්වු වරාය පොලිසියේ නිලධාරින් විසින් සැකකරු මෙම රිවොල්වරය සමග අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහු වළහන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසනවා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here