Home Local අවුරුදු සේවා බස් වල ගණන් වැඩිනම් කියන්න දුරකථන අංකයක්

අවුරුදු සේවා බස් වල ගණන් වැඩිනම් කියන්න දුරකථන අංකයක්

611

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවගෙන් වැඩිපුර බස්රථ ගාස්තු අය කිරීම් හෝ මගී ප්‍රවාහන සේවා සම්බන්ධ යම් ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,

”අවුරුදු සේවා ක්‍රියාත්මක කිරීමේදී අපට නිතරම ලැබෙන පැමි‍ණිල්ල වන්නේ වැඩිපුර ගාස්තු අය කිරීම. ඒ නිසා වැඩිපුර මුදල් ගැනීම වැළැක්වීමට අපි විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. ඒ යටතේ බස්රථය පිටත්වීමට පෙර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. ඒ වගේම බස්රථය තුළ ගාස්තු සටහන් කිරීමටත් ජංගම පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටත් කටයුතු යොදා තිබෙනවා. කිසියම් හෝ ගැටලුවක් ඇති වුවහොත් 1955 ක්ෂණික ඇමතුම් අංකයට දැනුවත් කරන ලෙසත් මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”යැයි කියා සිටියා.

එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර ඒ යටතේ අතිරේක දුම්රිය සේවා ගමන්වාර 65ක් සහ ලංගම බස්රථ 1500ක් සහ පෞද්ගලික බස්රථ 600ක් ධාවනයට සූදානම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here