Home Hit අලුත් සහල් මංගල්‍ය අද ගල්විහාර පුදබිමේදී – PHOTOS

අලුත් සහල් මංගල්‍ය අද ගල්විහාර පුදබිමේදී – PHOTOS

500

මෙවර මහ කන්නයේ පොලොන්නරුව ගොවි ජනතාව විසින් නෙලාගත් වී අස්වැන්නේ අග්‍ර කොටස බුදු වහන්සේ උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය අද (10) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පැවැත්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පුදබිමේ පිහිටා ඇති ඉපැරණි බුද්ධ ප්‍රතිමා අභියස දී තඹ පාත්‍රයට අලුත් සාල් පුරවනු ලැබුවා.

පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්‍ය වජිර අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ සරත් ඒකනායක යන පිරිස ඇතුළුව මහජනතාව ද එක්ව සිටියා.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here