Home Entertainment යෝෂිතත් නවලෝක පවුලේ සාමාජිකාවක් සමඟ විවාහයට සූදානම්

යෝෂිතත් නවලෝක පවුලේ සාමාජිකාවක් සමඟ විවාහයට සූදානම්

1044
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ ද මෙම වසරේදී විවාහ දිවියට එළැඹෙනු ඇති බව එම පවුලේ සමීප ආරංචි මාර්ග කියා සිටිනවා.

මෙම වසර අග භාගයේදී එම මංගල උත්සවය පවත්වන්නට සැලසුම් සකස් වෙමින් පවතින බවයි සදහන් වන්නේ.

ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ මෙරට සුප‍්‍රකට ව්‍යාපාරික පවුලක් වන නවලෝක පවුලේ දියණියක් යයිද සඳහන්.

මෙම උත්සවය සඳහා ද බොහෝ පිරිසකට ආරාධනා කිරීමේ සූදානමක් ඇති බවද දැනගන්නට ලැබී තිබෙනවා.

එමෙන්ම රාජපක්ෂ පවුලේ වැඩිමහල් පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගලෝත්සවය ද මෙම වසර තුළ සිදුවීමට නියමිත බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

හිටපු ජනපතිවරයාගේ කණිටු පුත් රෝහිත පසුගිය ජනවාරි මාසයේ යුගදිවියට පිවිසුණු අතර මෙම වසර රාජපක්ෂ පවුලට විවාහ මංගල සහිත වසරක් වනු ඇති.

සබැඳි පුවත් – නාමල් රාජපක්‍ෂ විවාහයට සූදානම් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here