Home Local පාසල් සිසුවියක දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියක දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

420
0

වයස අවුරුදු 15ක් වන පාසල් සිසුවියක්ව පුද්ගලික බස් රථයක් තුළදී දුෂණය කළ බව කියන බස් කොන්දොස්තරවරයෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 08 වනදා සවස මෙම අපරාධය සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව, මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක අයෙකුවයි.

අතවරයට පත්ව ඇති පාසල් සිසුවිය පුද්ගලික උපකාරක පන්තියකට සහභාගි වීම සදහා ආණමඩුව නගරයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු දැරිවිය රවටාගෙන තමන් සේවය කරන බස් රථයෙන්ම ඇය කැදවාගෙන ගොස් එම බස් රථය තුළදීම අපරාධය සිදුකර ඇති බවයි මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ.

අතවරය පත්ව ඇති දැරිවිය තමන් මුහුණ දුන් අත්දැකීම නිවසට පැමිණි පසුව තම මව සමඟ පවසා ඇති අතර ඒ අනුව දියණිය සමග ආණමඩුව පොලීසියට පැමිණි මව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යනු ලබනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here