Home Local පානීය ජල බෝතල් ගැටළු ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා

පානීය ජල බෝතල් ගැටළු ගැන පාරිභෝගිකයින්ගෙන් චෝදනා

592

මාතලේ සිට දඹුල්ල දක්වා පිහිටි ප්‍රධාන උප නගර රැසක වෙළදසැල් වල අලවිය සදහා ඇති පාණීය ජල බෝතල් වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බව පාරිභෝගිකයින් කියා සිටිනවා.

නිසි පරිදි නිෂ්පාදිත දිනය සදහන් නොවීම, දවස පුරා හිරැ එළියට ආවරණය වන පරිදි ජල බෝතල් ප්‍රදර් ශනය, නිසි මිලක් නොමැතිව විවිධ සමාගම් විවිධ මිලගනන් භාවිත කිරිම ආදි ගැටළු රැසක් මෙම ජල බෝතල් සම්බන්ධයෙන් පවතින බවයි වාර්තාවන්නේ.

මේ අතර ශිතකල ජල බෝතල් සදහා වෙලදසැල් හිමියන් විවිධ මිලගනන් අයකරන බවයි පාරිභෝගිකයින් චෝදනා කර සිටින්නේ.

ජල බෝතල් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව ශ්‍රි ලංකා පාරිභෝගික සේවා අධිකාරියෙන් ද විමසීමක් කළ විට එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තාවන පානීය ජල බෝතල් පිළීබද ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ගන්නා බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ද පවතිනවා යැයි කියන ජල බෝතල් ගැටළුව සම්බන්ධයෙන් සිය අධිකාරියේ පූර් ණ අවධානය යොමුකරන බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here