Home World ගවුම කොටවෙන තරමට Discount වැඩිවෙන අවන්හල

ගවුම කොටවෙන තරමට Discount වැඩිවෙන අවන්හල

701
0

කඩවල් වල බඩුගන්න ගියාම වැඩිපුර ගත්තොත් අපිට ඩිස්කවුන්ට් හම්බවෙනවානේ. මේ විදියට කරන්නේ එන පාරිභෝගිකයා කඩෙත් එක්ක තියෙන සම්බන්ධය වැඩි කරන්න. කොහොම වුනත් බිලේ ගාණට වඩා කීයක් හරි අඩුවෙන් ගන්න කැමති නිසා ගොඩදෙනෙක් දෙපාරක් මේ වගේ ඩිස්කවුන්ට් දෙන තැන්වලට යන්න පසුබට වෙන්නේ නෑ.

ඔය විදියටම අමුතුම විදියේ ඩිස්කවුන්ට් දෙන කඩයක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. හැබැයි මේක කාන්තාවන්ට විශේෂයි. මොකද තමන්ගේ ඇඳුම කොට වෙන තරමට තමයි මේ අවන්හලේ ඩිස්කවුන්ට් වැඩිවෙන්නේ.

තමන් ඇඳගෙන එන ඇඳුමෙන් දණහිස ළඟ ඉඳන් සෙන්ටිමීටර් 33ක් නිරාවරණය වෙලා තියෙනවානම් 90%ක ඩිස්කවුන්ට් එකක් මේ අවන්හලෙන් හම්බවෙනවා. ඒ වගේම නිරාවරණය වෙලා තියෙන්නේ සෙන්ටිමීටර් 8ක් වගේ නම් ලැබෙන්නේ 9%ක ඩිස්කවුන්ට් එකක්.

මේ ඩිස්කවුන්ට් දෙන අවන්හල ගැන මේ වෙනකොට ලොකු කතාබහක් සාමාජජාල වල ඇතිවෙලා තියෙනවා. ඊට විරුද්ධව වගේම කැමැති පිරිසකුත් මේ අතරේ ඉන්නවා.


කොහොම වුනත් මේ විදියට කොටට ඇඳන් අවන්හලට එන අයගේ ඇඳුමේ උස මනින්න එතන ආරක්ෂකයෙක් ටේප් එකකුත් තියන් ඉන්නවා කියලයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here